Translate

Tuesday, December 17, 2013

ආලය රූපයටද හදවතටද ?????

ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.
ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.
ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව 

ජීවිත කාලය පුරාම

තකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.

දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා ස්තුතියි කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා ස්තුතියි කිව්වා. මෙවරත් මම ඔයාට ආදරෙයිල කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

Wednesday, December 11, 2013

උපන් දිනය හැටියට අනාවැකි මෙතනින්

ඔබ උපන්නේ මාසයේ පළමුවන දා නම්,

ඔබ නායකත්වයට හා පාලනයට ඉතා දක්ෂ අයකු ලෙස සැලකේ.ඔබට ඉතා විශාල ආත්ම ශක්තියක් හිමිය. ඔබතෝරාගන්නා මාර්ග හා ක්‍රියා පිළිවෙත් බොහෝ විට නිවැරදි වේ. සංවේදී අයකු වූවත් බාහිර පරිසරයට හාඅවස්ථාවන්ට ගැළපෙන පරිදි හැගීම් ය
ටපත් කර තබා ගැනීමට ඔබට හැකියාව ඇත.

2දා උපන් ඔබට,

හැගීම්බර, සංවේදී, ඉක්මනින් උණුවන හිතක් හිමිය. ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබගේ හැගීම් තේරුම් ගතහැකි අයකු වනවා දැකීමට ඔබ නිරන්තරයෙන් බලාපොරොත්තු වේ. සමාජශීලී ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන්මිතුරන් ඇතිකර ගැනීමට හැකියාවක් පවතී. නමුත් සමහර අවස්ථාවලදී ඉතා ඉක්මන් කේන්තිකාරයකු විය හැකිය. එවැනිඅවස්ථාවලදී ඔබේ ධෛර්ය්‍ය අඩු විය හැකිය. ඔබ ඉතා හැගීම්බර අයකු බැවින් සුළු දේවලින් පවා කළබලවී මානසිකඅසහනයට හා හිතේ සාංකාවට පත් වීමේ නැඹුරුවක් පවතී.

ඉපදුනු මාසෙට අනුව ඔයාගේ හැටි දැනගන්න ඕනෙද ?? එහෙනම් කියවන්න

ඔයා ඉපදුණේ ජනවාරි වල නම්,

ඔයා මාර සරදම් කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.


පෙබරවාරි වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

මාර්තු වල ඉපදුණ ඔයා,

හරිම හුරතල්, හිත් ඇදිලා යන චරිතයක් . හරිම සුහදශීලි, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.


ඔයා අප්‍රේල් වල නම්,
හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

කොහොමද Camera එක ඔයාටත් ඕනෙද ??

ලොව ප්‍රථම ටෙරා පික්සල් පින්තුරය 

ආදරේ උල්පත වූ අම්මා....!

ඕගොල්ලෝ බලනවා ඇති මතකයේ හසරැල් එකේ මොකද මේ අම්මා ගැන ලියලා තියෙන්නේ කියලා. ආදරය කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක් සෙනෙහසින් බැදෙන එක විතරක් නෙවෙයි.ආදරේ කියන්නේ ආදරේට ඒක කවුරුන් සමග ඇති උනත් කුමන බැදීමක් නිසා  හට ගත්තත් අපි පළමුවෙන්ම මෙලොවට ආපු දිනයේ අපේ මුල්ම ආදරය අපේ අම්මා.ඒ ගැන ඇති  හදවතට දැනෙන පුංචි කතාවක් මේක ....!

ආදරය ගැන අපි දන්නා නොදන්නා කරුණු මොනවද ???

  1. ආදරය කියන්නේ ලැඛෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක් 
  2. තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ
  3. ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි
  4. ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්
  5. හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය
  6. ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.
  7. ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය
  8. හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම