කදුලැල් ඉහිරිල ගලන මොහොතේ
නොමැකෙනා මතක අපගේ
තවමත් මැවෙනවා දකින සිහිනේ
හදවතේ පෙර වගෙ හදගැස්මම ඔබමයි අද මගේ
ඇයි ළදේ ඔබ මගෙ හැම හුස්මට පවා පෙම් කලේ
කී කතා පෙරදා මුකුලු කර සිහිවෙලා රහසේ
වේදනා සගවා තුරුලු කර වැලපුනා අදුරේ
දලා යන්නට බැ ලැබුනු උණුහුම
හැර දමා සමුගෙන යන්න නම්
මට ඇයි මේ තරම් ලං වුනේ
මට ඇයි මේ තරම් ලං වුනේ.....
පැ සිනා පෙගුනා කදුලු මැද කුරුටු ගෑ මතකේ
පෑරුණා විදින දුකට හිත කෙදිරි ගෑ පපුවෙ
වාවගන්නට බෑ තාම තනිකම
හීනෙකින්වත් නෑ යන්නෙ කිවු ඔබ
ඇයි මා කෙරෙන් වෙන් වුනේ
ඇයි මා කෙරෙන් වෙන් වුනේ ......
No comments:
Post a Comment