Translate

Wednesday, December 11, 2013

ඉපදුනු මාසෙට අනුව ඔයාගේ හැටි දැනගන්න ඕනෙද ?? එහෙනම් කියවන්න

ඔයා ඉපදුණේ ජනවාරි වල නම්,

ඔයා මාර සරදම් කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ තරම් පුංචි ළමයින්ට ආදරෙයි. හැබැයි ඉතින් අනිත් අතට ඔයා හැමවෙලේම ඉන්නේ අනිත් අයගේ දුර්වලකම් දිහා ඇහැ ගහගෙනමයි. අනිත් අයගේ ඇද කුද කියන්න හරිම කැමතියි. ඒ නිසා ඔයා ඔයාගේ සමාජශීලීත්වය නම් දියුණු කරගන්නම ඕනේ.


පෙබරවාරි වල ඉපදුණ අය,

ඇත්ත කතා කරන්න කැමතියි. බුද්ධිමත්, අවංකයි, උත්සාහවන්තයි. ඒ වගේම නිදහසට කැමතියි. විනෝද වෙන්නත් හරිම කැමතියි. හැබැයි ඔයා හරිම කපටියි. ඒ වගේම ඔයාට ඔයා ගැන කිසිම විශ්වාසයක් නෑ. සමහර වෙලාවට ඔයාට ඉක්මනටම කේන්ති යනවා, ඒත් එක්කම ඉක්මනට දුක දැනෙනවා. ඔයත් ආදරේ හිත ඇතුළේ තියාගෙන පෙන්නන්නේ නැති කෙනෙක්. ඔයාගේ ලොකුම දුර්වලතාවය තමයි විකාර, බහුබූත අන්ධ විශ්වාසවල එල්ලිලා ඉන්න එක.

මාර්තු වල ඉපදුණ ඔයා,

හරිම හුරතල්, හිත් ඇදිලා යන චරිතයක් . හරිම සුහදශීලි, ඒ වගේම ත්‍යාගශීලී, සාමකාමී, දයාබර කෙනෙක්. ඔයා හරිම හිතවත්. අනුන්ට උදව් කරන්න හරිම කැමතියි. ඔයාගේ සංවේදීතාව නිසාම ඔයා ගැන ඕනෙම කෙනෙකුට විශ්වාසය තියන්න පුළුවන්. ඔයා එක්ක ඕනෙම කෙනෙකුට බය නැතුව ගමනක් බිමනක් යන්න පුළුවන්. හැබැයි ආදරය සම්බන්ධව තීරණ ගන්නකොට ඔයා හරිම දුර්වලයි. හරිම ලැජ්ජාකාරයා. හැබැයි ඉතිං කවුරු හරි තමුන්ට වැරැද්දක් කළොත් පළි ගන්නවා.


ඔයා අප්‍රේල් වල නම්,
හරිම ජව සම්පන්නයි. තීරණ ගන්නකොට හුඟක් හිතන්නේ නෑ. හැබැයි ඒ නිසාම පස්සට පසු තැවෙන්න වෙනවා. ඔයාට හුඟක් දරා ගැනීමේ ශක්තිය තියෙනවා, උපායශීලීයි, ඒ වගේම ශක්තිමත්. අනිත් අයගේ අවධානය දිනා ගන්න හරිම කැමතියි. යාළුවන්ට හුඟක් ආදරෙයි. හැබැයි ඉතිං සමහර වෙලාවට හරිම දරුණුයි, පළිගන්න කැමතියි. ඔයාට හොඳ මතකයක් තියෙනවා. ඊර්ශ්‍යාව කියන්නේ ඔයා ළඟ තියෙන නරකම නරක ගතිගුණයක්. හැබැයි එහෙම කියලා ඔයා නරකම නෑ.

ඔයා මැයි වල ඉපදුණා නම්,

ඔයා හරිම ලස්සන කෙනෙක්, මූණෙන් විතරක් නෙමෙයි හදවතිනුත් හරිම ලස්සනයි. ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ ආදරය, අවධානය දිනා ගන්නවා. ඔයාට අනිත් අයව හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඔයා හරිම ආඩම්බර  කෙනෙක්. තර්ක කරන්නත් හරිම දක්ෂයි. චිත්‍ර අඳින්න, ඉගෙන ගන්න හරිම කැමතියි. මහන්සි වෙලා වැඩ කරන නිසා විවේකය නම් ටිකක් අඩුයි. කෙළින් තීරණ ගන්නවා. ඒ නිසාම ඉක්මනින් කේන්ති යන්න පුළුවන්. හීන දකින්න හරිම කැමතියි. අඩුවකට තියෙන්නෙ ඉක්මනට අහු වෙන එක තමයි.

ජුනි වල ඉපදුණ ඔයා,

දුර දිග බලලා වැඩ කරනවා, අනුන්ට හුඟක් ගරු කරනවා. කතා තරන්නේ නම් හරිම හෙමීට. වැඩක් කරන්න ගියාම හුඟක් වෙලා ගන්නවා. දෙයක් තෝර ගන්න ගියාමත් ඕනවට වඩා හිතනවා. ඔයාට හොඳම දේ තමයි හැමවෙලේම ඕන කරන්නේ. ඔයා හරිම ජරු්එසඩැ කෙනෙක්. අනික ඔයා හරිම සුහදශීලීයි. විහිළු තහළු වලට කැමතියි. ඒ නිසාම හුඟක් යාළුවෝ ඉන්නවා. ලස්සනට අඳින්න තියෙනවා නම් වෙන කිසි දෙයක් ඕන නෑ. බැරි වෙලාවත් ඔයාට කළකිරීමක් ඇතිවුණොත් රුජදඩැර වෙන්න සෑහෙන කාලයක් යනවා. මොනවා වුණත් ඔයා වෙනම Aබටකැ එකකින් ලෝකේ දිහා බලන කෙනෙක්.

ජුලි වල ඉපදුණා නම්,


ඔයා ආශ්‍රය කරන්න හොඳ, ඒත් තේරුම් ගන්න අමාරු කෙනෙක්. හැසිරීම නම් හරිම හොඳයි. හැමදේම කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. අවංකයි, විශ්වාසනීයයි. යාළුවෙක් විදිහට නම් මරු. හුඟක් සෙට් වෙනවා. තමන්ට වැරැද්දක් කළොත්, සමාව දෙනවා. ඒත් ඒක හිත යට තියාගෙන ඉන්නවා අමතක කරන්නේ නෑ ලේසියෙන්. අනවශ්‍ය වර්ණනා වලට කැමති නෑ. හැබැයි ඔයා හැමවෙලේම මිනිස්සු මනින්නේ පිටතින්. ඉගෙන ගන්න ඔයා හරිම දක්ෂයි. තනිකඩව ඉන්න තමයි වැඩිපුර කැමති. මහන්සියෙන්, තමුන්ගේ වැඩක් කරගෙන තමුන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්.

අගෝස්තු වල ඉපදුණා නම්,

දක්ෂ, එඩිතර, අසාධාරණයට අකමැති කෙනෙක්. අනිත් අයගේ අවධානය දිනා ගන්න ඕනම දෙයක් කරයි. ඕනෙම  එකක ලොක්කා  කෙනෙක් වෙන්න සුදුසුම කෙනෙක්. හැබැයි ඉතිං හිටපු ගමන් අසූහාරදාහට කේන්ති යනවා. නිදහසේ ඉන්න හරිම කැමතියි. පරිස්සමෙන් තමයි හැම වෙලේම වැඩ කරන්නේ. මොනවා වුණත් අනිත් අයගේ කරදරේකදි උදව් කරන්න හරිම කැමතියි.

සැප්තැම්බර් වල ඉපදුණ ඔයා,

ඔයාගේ බාහිර පෙනුම හරිම ප්‍රසන්නයි. සාමදානව වැඩ කරන්න තමා කැමති. තීරණ ගන්නේ හරිම පරිස්සමෙන්.වැඩ කරන්න හරිම දක්ෂයි. බාර දීපු වැඩේ හරියටම කරනවා. ඒ වගේම ඔයාගේ මතකයත් හරිම හොඳයි. අනිත් අයව හොඳින් තේරුම් ගන්නවා. හැබැයි වැඩ පෙන්නන්න නම් ඒ තරම් කැමති නෑ. හරිම ආඩම්බරයි. ඒ නිසා ආදරය වැනි මාතෘකාවලදී හුඟක් හිතනවා.

ඔයා ඉපදුණේ ඔක්තෝම්බර් වල නම්,

ඔයාගේ බොරු මවා පෑම් නෑ. ආදරය කරන අයට හොඳින් සලකන හොඳ හිතක් තියෙන කෙනෙක්. කතාවට වැටෙන්න හරිම කැමතියි. හරිම ප්‍රේමාන්විතයි. ඒත් හිටපු ගමන් ටිකක් ආත්මාර්ථකාමී, අනිත් අයගේ මතයට ගරු කරන්නේ නැති කෙනෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට හදිස්සි වෙලා මෝඩ තීරණ ගන්නවා.

නොවැම්බර් වල ඉපදුණු ඔයා

ඉදිරිය ගැන ගොඩක් හිතනවා. ඔයාටම කියලා පෞර්ෂයක් හදා ගන්නවා. ඒ නිසා හැම වෙලාවේම කැපිලා පේනවා. හැමෝගෙම පිළිගැනීම, මූලිකත්වය ලැඛෙනවා. හොඳට හිතට බලලා වැඩ කරනවා, ප්‍රශ්න අහනවා. හැබැයි ලේසියෙන් ඔයාව සතුටු කරන්න බෑ. හරිම නිර්භීතයි. අනිත් අයව වැඩිය අගය කිරීමක් කරන්න ඔයා කැමති නෑ. ආදරයේ දී නම් ඔයා හරිම අවංකයි. හැඟීම් පාලනය කරගන්න නම් ඔයාට හරිම අමාරුයි. ඔයා කොයි වෙලාවේ කොහොම හැසිරෙයිද, මොනවා කරයිද කියලා කියන්න හරිම අමාරුයි.

ඔයා ඉපදුණේ දෙසැම්බර් වල නම්


හරිම අවංකයි. අනිත් අයට ගරු කරන්න හොඳට දන්නවා. හොඳට හැදිච්ච කෙනෙක්. රටට ජාතියට ආගමට හරිම ආදරෙයි. හරිම සමාජශීලීයි. ඒ වගේම අනිත් අයගේ අවධානය දිනා ගන්නත් හරිම කැමතියි. ඔයා හුඟක් ඉවසන කෙනෙක් ඒ නිසාම වැඩිය තරහ යන්නේ නෑ. නිදහසේ ඉන්න හරිම කැමතියි. ඔයාට එක එක තහංචි දානවට හරිම අකමැතියි. ඔයාට තියෙන්නේ හරිම හොඳ උණුවෙන හිතක්. 

.........................................................................................................................................................................................................................

No comments: