Translate

Wednesday, February 15, 2012

ආදරය නිසා තැවී ලතවෙන ඔබට......!

සොවින් තැවෙන සිත් සනසාලන්න





1.විරහ ගීත ශ්‍රවණය කිරීමෙන් වළකින්න  

-එසේ ශ්‍රවණය කිරීමෙන් සිදුවනුයේ ඔබට තව තවත් ඔහු හෝ ඇයව මතකයට ඒම පමණයි.-





2.යාලුවෝ එක්ක එකතු වෙලා පොඩි fun එකක් ගන්න (බීමතින් නොවේ) 



-ගෙදරට වෙලා ඔහූ හෝ ඇය ගැන සිතමින් දුක් වීමෙන් මිදීමට මෙය උපකාරී වේ.-




3.ඔබ ගැන අවතක්සේරු කිරීමෙන් වළකින්න 



- ඔහු හෝ ඇය ඔබව අතහැර ගියේ ඔබේ වරදක් නිසා නොව ඔහු හෝ ඇයට පින නැති නිසා යැයි සැම 

විටම සිතන්න.-




4.ඔහු හෝ ඇය ඔබගේ facebook,MySpace වැනි සාමාජ ජාලා වෙබ් අඩවියක සිටී නම් වහාම block කරන්න 



- නිතර නිතර ඔහු හෝ ඇය කරන කියන දෑ දැකීම ඔබට දුකක් පමණක්ම ඉතිරි කරනු ඇත.-



5.හැකියාවක් ඇත්නම් ඔබගේ දුරකතන අංකය වෙනස් කරන්න 



-නැතිනම් ඔබ වරින් වර ඔබගේ ජංගම දුරකතනය දෑතට ගෙන ඔහුගෙන් හෝ ඇයගෙන් sms, missed

calls ඇත්දැයි පිරික්සනු ඇත. එසේ නොමැති බව දුටු විට ඇති වනුයේ දුකක්ම පමණි.-




6.ඔබව එපා යැයි කී ඔහු හෝ ඇයට වඩා ඔබට ගැලපෙන අයෙකු මෙලොව සිටින බව සෑම විටම සිතන්න 



-ලෝකයේ තවත් කෙල්ලෝ කොල්ලෝ බිලියන ගණනක් ඉන්නවා. ඉතිං තමන්ගෙන් වුණු අඩුපාඩුත් 

මඟහැරගෙන අළුත් කෙනෙක් ගැන හිතන්න. මුහුදේ ඉන්නේ එක මාලුවා නෙවෙයිනේ යාලු.-




7.ඔහුට හෝ ඇයට ආදරය කිරීම ගැන කිසි විටෙකත් පසුතැවිලි වෙන්න එපා



-ඔහු හෝ ඇය ඔබේ ජීවිතයට නොපැමිණියේ නම් ඔබේ ජීවිතය කොතරම් සාර්ථක වන්නට තිබුණා දැයි 

සිතමින් පසුතැවිලි වීම ඔබව මානසික රෝගියෙක් බවට පත් කරාවි. ගිය දේ ගියාවේ කියල ජීවිතය අළුතින් 

පටන් ගමු.-




තව අදහස් තියෙනම් කමෙන්ට් කරන්න. ඒ වගේම දුකින් ඉන්න කෙනෙකුට උපකාරයක් වෙන්න මේක ''SHARE'' කරන්නත් අමතක කරන්න එපා.

No comments: