Translate

Showing posts with label Love Story. Show all posts
Showing posts with label Love Story. Show all posts

Tuesday, December 17, 2013

ආලය රූපයටද හදවතටද ?????

ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.
ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.
ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය... තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව 

ජීවිත කාලය පුරාම

තකොට මම සාමාන්‍ය පෙල. ඒ කාලෙ අපේ ඉංග්‍රීසි පංතියෙ මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා දිහා හොරෙන් බලන්න මම පුරුදු වෙලා හිටියා. එයා තමයි මට හිටපු හොඳම යාලුවා. එයාගේ සිනිඳු කෙහෙරැලි මූන දිහා බලන් ඉන්නකොට මට හිතුනෙ එයාව මගේම කරගන්න ඕනෙ කියලා.ඒත් එයාට ඒ බව තේරුණේ නෑ.

දවසක් පංතිය ඉවර උනාම එයා මං ලගට ඇවිත් එයාට කලින් දවසේ මග ඇරුණු පාඩම් වල සටහන් වගයක් මගෙන් ඉල්ලුවා. මම ඒ ටික එයාට දුන්නම එයා ස්තුතියි කියලා මගේ කම්මුලට පුංචි හාදුවක් දුන්නා. මම ඔයාට ආදරෙයි කියලා කියන්න කොච්චර හිතුනත් හිතේ තිබුන ලැජ්ජාව නිසා මට ඒ බව එයාට කියන්න බැරි උනා.මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

ඒ වෙනකොට මම උසස් පෙල.දවසක් මගේ ජංගම දුරකථනය නාද උනා. එහා පැත්තෙන් කථා කළේ ඇය. ඇය ඉකිබිදිමින් පැවසුවා ඇගේ ආදරය බිදුනු බව. ඇයට ඒ දුක තනියම දරා ගන්න බැරි නිසා ඈ මට එන්න කිව්වා. ඇය හමුවුනාම ඇගේ ඇස් වල රැදුණු කඳුලු දැකලා මට හිතුනා ඈ මගේම උනානම් කියලා. පැය දෙකකට විතර පස්සේ අපි ලස්සන ආදර කතාවක් තිබුණු චිත්‍රපටයක් බැලුවා. මම ගෙදර එන්න ලෑස්ති උනාම ඈ මං ගාවට ඇවිත් මගේ කම්මුලට හාදුවක් දීලා ස්තුතියි කිව්වා. මෙවරත් මම ඔයාට ආදරෙයිල කියලා කියන්න බැරි උනේ මගේ ලැජ්ජාව නිසා. මම දන්නේ නෑ ඒ ඇයි කියලා.

Saturday, October 19, 2013

Aashiqui 2 - ප්‍රථම වරට සිංහලයට පරිවර්තනය කොට කතාවක් ලෙස මතකයේ හසරැල් පාඨකයන්ට ....!


R.J.... R.J.... R.J.....
මිතුරනි ඔබ පුලපුලා බලාසිටි අවස්ථාව මේ මොහොතේ ඔබට ලබාගත හැක.
පිළිගන්න වේදිකාවට ජාතියේ හදගැස්ම, ගායක ගීත රචක හා සංගීතවේදී අපගේ තරුව  රාහුල් ජේකර්...!

රසිකයන් පැයක් තිස්සේ මෙතන ඔහු එනකන් බලන් ඉන්නවා සර් තාම ආර්.ජේ අවේ නෑ සර් මොනවා හරි කරන්න.
අයියෝ  මන් දන්නේ නැ මොනව කරන්නද කියලා මේ මනුස්සයා තම නෑ නේ .

දීපක් මහත්තයා.. දීපක් මහත්තයා ... මං ආර්යන්
ඉතින් මට මොකෝ මනුස්සයෝ  මං මෙහේ ගිනි පත්තුවෙලා ඉන්නවා
සර් මං කියනදේ අහන්නකො පොඩ්ඩක්
ඉක්මනින් කියනවා මට වැඩ තියෙනවා
සර් මාත් ආර් ජේ වගේ හොද ගායකයෙක් මට පොඩි අවස්ථාවක් දීල බලන්නකෝ මං ආර් ජේ ට වඩා හොදට මේ ෂෝ එක කරලා දෙන්නම්
දවල් හීන දකින් නැතුව ඉන්නවා
සර්... සර් ...සර්
මේ පාරත් උබ මට අවස්ථාව දුන්නේ නෑ නේද ආර් ජේ උබෙන් මේ පලිය මන් ගන්නවා එහෙම නොවුනොත් මන් ආර්යන් නෙවෙයි.

විවෙක් කෝ මේ රාහුල් ඇයි රාහුල් ෂෝ එකට එන්නේ නැත්තේ ප්ලීස් එයාව එක්කරගෙන එන්න නෙත්තන් මව බංකලොත් වේවි
පොඩ්ඩක් ඉන්න දීපක් මහත්තයා මං බලලා එන්නම්

රාහුල් ... රාහුල් ... මොකද මේ ...?
මොකක්ද ඔයා ඔය කරන්නේ ෂෝ එකට යන්නේ නැද්ද ? සල්ලි අරගෙන තියෙන්නේ රාහුල් කියන දේ අහලා එන්න
කෝ නැගිටින්න යං

විවෙක් , මං එනවා මට පොඩි වෙලාවක් දෙන්න
රාහුල් කියන දේ අහල එන්න
හරි යන්

දැන් යහලුවනේ, බලා සිටී කාලය අවසන් වෙනවා මම ආරාධනා කරනවා ඔයාල වෙනුවෙන්..ඔයාලගේ ප්‍රියතම, RJ



TO BE CONTINUED.....

Friday, February 3, 2012

සල්ලි කියන්නේ ජිවිතේ නෙවෙයි...!

ඒක දුප්පත් කොල්ලෙක් ඒක පොහොසත් කෙල්ලෙක්ට ආදරය කළා....!

දිනක් මේ කොල්ල අර පොහොසත් කෙල්ලගෙන් කැමැත්ත අහනවා...!

ආදරය තේරුම් ගැනීම.... කොල්ලෝ vs කෙල්ලෝ

වසර කිහිපයකට පෙර ආදරවන්තයො දෙන්නෙක්ට ආදරේ මුලින්ම හැඟුනු දවසක දිනපොතේ ඔවුන් මෙන්න මේ විධියට සටහන් තබනවා...

GIRL►
දයාබර දිනපොත,
මම දුටුවා ඔහු මාව පසු කරඟෙන ගියා. මට මොහොතකට ලෝකයම නතර වෙලා වගේ හැඟුනා. පුංචි කාලේ ඉඳන්ම මම එයාව දැක්කම හිනා වෙනවා. ඒත් අද මට එයා එක්ක හිනා වෙන්න හිතට ලොකු බියක් දැනුනා. එයා රගර් ටීම් 1කේ කැප්ටන්, ඉතිං මම වගේ සාමාන්‍යය කෙනෙක් එක්ක එයා කවදාවත්ම ආයෙත් හිනා වෙන්නෙ නෑ කියල මම දන්නවා...

BOY►
දයාබර දිනපොත,
මම අද ප්‍රැක්ටිස් ඉවර වෙලා එන අතරෙදී ඇය මාව පසු කරඟෙන ගියා. ඉස්සර විද්‍යාව පන්තියේදී ඇය මගේ ලඟ වාඩි වෙලත් තියෙනවා. මම ඇයත් එක්ක සිනා සෙන්න උත්සාහ කරා, ඒත් ඇය බිම බලාගෙනම මාව නොදැක්ක වගේ යන්න ගියා. දඟකාර කෙල්ලෝ කීපදෙනෙක්ගේ ආදරේ එක්වර ලැබුනත් ඒ වගේ අහිංසක කෙල්ලක් මට අයිති නෑ කියල මට දැන් හිතෙනවා...

ටික දිනකට පසු ඔවුන් නොසිතූ පරිදි ආදරේ ඔවුන්ව ලංකරනවා. ඒත් ඒ ආදරේ හරිම ඉක්මනින් නැති වෙලා යනවා. එදා ඒ දෙන්නගේ දිනපොතේ වෙන්වයාම ගැන සටහන් තැබෙන්නේ මෙන්න මේ විධියට...

GIRL►
දයාබර දිනපොත,
මම අද ඔහු ගෙන් වෙන්වුනා. මම එයාට කිව්වා මම සතුටින් නෑ කියලා. ඒත් ඒ ඇයි කියලවත් එයා ඇහුවේ නෑ. මම හිතුවා එයා මට නවතින්න කියාවි කියලා. ඒත් එයා මොනවත් කිව්වේ නෑ. සමහරවිට එයාටත් මගෙන් වෙන්වෙන්න ඕන වෙලා තියෙන්න ඇති. මම කාලයක් පෙරුම් පුරලා දිනා ගත්තු මගේ ආදරේ ඒ විධියට අද මගෙන් ඈත් වුනා...

BOY►
දයාබර දිනපොත,
ඇය අද මගෙන් ඈත් වුනා. ඇය කිව්වා ඇය සතුටින් නෑ කියලා, මට ඇයි කියල අහන්නත් දුක හිතුනා. මට උවමනා වුනා ඇයව නතර කරන්න, ඒත් ඇය මාත් එක්ක ඉන්නේ සතුටින් නෙවෙයි නම් මම ඇයව නතර කරන්නේ කොහොමද. මම සිහින දැකපු මගේ ආදරේ අද මට ඒ විධියට අහිමි වුනා...