Translate

Thursday, January 19, 2012

ආදරයක ගැබුරු තේරුම....


දවසක මගේ හදගැස්ම නතරවෙනවා, ඒත් මගේ ආත්මය සදාකාලිකව ඔබත් එක්ක හිඳීවී....

ජීවිතේ දුක හිතෙන දේවල් උනත් තනියම විදින්න පුළුවන්...ඒකාකාරී හැම දෙයක් දිහා ම අළුත් විදිහට 

බලන්න...��


මතකය සමග ජිවත් වෙන සියල්ල... වර්තමානයේ සිදුවන සියල්ල අතීතයට එකතුවනවා මෙන්.. ආදරයේ අතීත මතක සටහන් වර්තමානයෙත්
මතකයට නැගෙන්නෙ...
අතීතය, වර්තමානය, අනාගතය .. ආදරය තුළ එක්ව කැටිවි ඇති බැවින්..
ආදරය... ඒක ගැන නිර්වචන දෙන්න තරම් ලොකු දැනුමක් මට නෑ කියල මම දන්නව. ඒත් මට දැනෙන විදිහට පුංචි දේවල් වගයක් කියන්න මට හිතුණා. ආදරයක් පටන් ගත්ත මුල්ම කාලෙදි ඒක ගොඩක් ලස්සනයි. හරියට හීනයක් දකිනව වගේ. ඒත් කාලයත් එක්ක ඒක ඇල් මැරිල යනව. ඒක තමයි ආදරේ හැටි....
ආදරයක් ඇති වෙන්නෙ දෙන්නෙක් අතර ඇති වෙන attraction එකකින්. ඒ නිසා මුල් කාලෙදි ඒ දෙන්න අතර හුවමාරු කරගන්න දේවල් තියෙනවා. ජීවිතේ වෙනසක් වුණා වගේ හැගීමක් දැනෙන්න ගන්නවා. පහුවෙනකොට ඒකත් අනිත් දේවල් වගේම සාමාන්ය දෙයක් වෙනව කිසිම වෙනසක් නැතුව යනව....
සමහරු දන්නැහැ වචන වලින් ආදරයක් කොයි තරම් දුර ගෙනියන්න පුලූවන්ද කියල. ආදරේ කරන්නත් වෙනම භාෂාවක් තියෙනව. හරියට භාෂාව දන්නෙ නැති කෙනෙකුට ලස්සන ආදරයක් ගොඩ නගන්න බැහැ. අනිත් කෙනාගෙ සිතිවිලි ඇතුලට යන්න නම් ඒ භාෂාව ඉගෙන ගන්නම වෙනව. මොකද වචන වලින් තමයි අනෙක් කෙනාගෙ ඔලූව ඇතුලෙ fantasy 1ක් ගොඩ නගන්න පුලූවන් වෙන්නෙ. ඉස්සර හිටපු මිනිස්සුන්ට ඒ වචන දැණුනා. ඒ ගැන හැගීමක් තිබුණ බොරුවට ඒ වචන පාවිච්චි කලේ නෑ. ඒත් අද ආදරවන්තයෝ ඊට වඩා ගොඩක් දක්ෂයි. ඒ අයට පුලූවන් ආදරේ ගැන කිසිම හැගීමක් නැතුව වුණත් ඒ වචන එක්ක play කරන්න මොකද අනිත් කෙනා ගැන කිසිම හැගීමක් ඒ අයට නැහැ. ඒ නිසා ඉස්සරහට romantic love 1ක් දකින්න ,විදින්න හම්බෙන එකක් නම් නැති වේවි.......

මුල් වරට පලකරන ලද්දේ හා නිර්මාතෘ - රමේෂ් මදුෂාන් @facebook 

No comments: