Translate

Wednesday, February 15, 2012

කැමැත්ත vs ආදරය...!






කැමැත්ත:  ඔබ කැමති කෙනා ලඟදී ඔබට සතුටු හිතෙනවා.
ආදරය    :  ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබගේ හදවත වේගයෙන් ගැහෙනවා...



කැමැත්ත:  ඔබ කැමති කෙනා ලඟදී ශීත ඍතුව ලස්සන ශීත ඍතුවක්මයි.

ආදරය    :  ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ශීත ඍතුවත් ඔබට වසන්තයක්...


කැමැත්ත:  ඔබ කැමති කෙනා ලඟදී ඔබට ඕනම දෙයක් කියන්න පුළුවන්.
ආදරය    :  ඒත් ඔබ ආදරේ කරන කෙනා ලඟදී ඔබේ හිතේ තියෙන දේවල් කියාගන්න බැරුව ඔබ ගොළුවෙනවා...


කැමැත්ත:  ඔබ කැමති කෙනාගේ ඇස් දිහා බැලුවම ඔබගේ මුවඟට සිනහවක් නැඟෙනවා.
ආදරය    :  ඒත් ඔබ ආදරේ කරන කෙනාගේ ඇස් දිහා ඔබට එක් වරම බලන්න අපහසුයි. අහිංසක ලැජ්ජාවක් හිතට එනවා...


කැමැත්ත:  ඔබ කැමති කෙනා අඬද්දී ඔබ ඒ කෙනාව සනසනවා.
ආදරය    :  ඔබ ආදරේ කරන කෙනා අඬද්දී ඔබ ඒ කෙනා සමඟම අඬනවා...


කැමැත්ත:  ඔබ කැමති කෙනාව ඔබට අමතක කරන්න ඕන නම් ඔබට කරන්න තියෙන්නේ සවන් පත් වහගන්න එක විතරයි.

ආදරය    :  ඒත් ඔබ ආදරේ කරන කෙනාව ඔබ අමතක කරන්න හැදුවොත් ඔබේ ඇස් වලට කඳුලක් ඇවිත් ඒ කඳුල ජීවිතය පුරාවටම හදවතේ රැඳේවී...


No comments: