Translate

Friday, April 27, 2012

ඔබ දුටු ඒ මුල් දිනේ.....



ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සේම දේ
තවමත් මගේ මතකයේහි රැදෙ
නෙත් යුග මා දෙස යොමා  මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ......


කාගේ කවුරුද කොතැනකද සිටිනවද ඔයා ..
කෙලෙසේද මා එය  දැනගන්නේ...
කවදා කොයිබද යලි මං ඒවිද කියා... 
පැනයකි මා සිත පාරන්නේ....

කැටි කොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්...
 ඔබ වෙත ගීයකින් එවන්නම්...
 මතු දිනයක මගේ දෙනෙතට ඔබ හමුවේ නම් ...
එදින නැවත මා හිනහෙන්නම්......

ඔබ දුටු ඒ මුල් දිනේ.....

No comments: