Translate

Friday, October 12, 2012

මගේ තනි හිතට ඔච්චම් කරා.....

නන්නාදුනන සිහිනය වෙලා 
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉගිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කරා...

මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැගෙන නිසා
කවි හිත යට ලියා නෙත ලග හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා.....

ඈත අහසට නැගලා
දගකාරී හිත අල්ලලා
කොළ බැල්මක හෙලලා
මගේ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කල්වර මකා
නිල් අහසේ සිත්තම් කළා 
ඔය හිත තම මගේ ලග නිසා
හීන අත්තක් වෙලා...

No comments: