Translate

Tuesday, December 10, 2013

ලස්සන කවියක් ලිව්වා බලන්නකෝ කොහොමද කියලා ඇත්තටම මේක නිසැදසක් වගේ..!


ජීවිතයේ නියං සාමය 
ගෙවමි නොලැබ  දිය බිදක් 
කධෝර හිරු රශ්මියෙන් 
ඉරි තැලෙයි හද 
ඉතින් මෙය නම් 
ආදරයේ වන්දි ගෙවීම 
ගෙවමි දිවි ඇති තෙක් වුව 
මක් නිසාද යත් 
මමත් ආදරය කල බැවිනි 
නොපැතීම් ආදරයේ 
අතුරු ඵලය ලෙස 
මෙවන් දුක් කිසිදාක 
එහෙත් ලැබුනේ මෙය නම් 
එයද විද දරා ගමි  
ජීවිතය පුරා වුවද 
ආදරයේ කුරිරු වේදනාව හමුවේ 
දිවි තොර කර නොගනිමි 
ආදරයේ වේදනාව උහුලා ගත නොහැකි නම් 
ආදරය නොකල යුතුය 
මක් නිසාද යත් 
"ආදරය කරන්නෝ ශක්තිවන්තයෝ වන බැවිනි "

No comments: